පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

අපේ facebook පිටුව

https://www.facebook.com/KawiBlog

[ Read More ]

ලෝකය හිස් තැනක්

සිතුම් නම් එක පෙලට,
ලියූ පද වැල් වැනිය,
හැඟුම් නම් ඒ මැදට,
තැබූ හිස්තැන් වැනිය,

හිස් තැනක් කුමන තේරුමක්දැයි සිතුවාද,
එසේ නම් කවියකට මැදින් හිස් තැන් කුමට,
හිස්තැනක් ලෝකයක නගයි උඩ අත යටට,
මවා පෙන්වයි යමක් නැතත් කිසිවක් එතන...
[ Read More ]

සන්සුන්

නුබ ගැබ පුරා මල් විසිරෙන අමවක,
නෙතු කෙමි පුරා මුතු ගැවසෙන අළුයමක,
සිහිනය පුරා නුඹ ඇවිදින වෙලාවක,
නුඹ සිත පුරා මා නැති මුත් කමක් නැත..
[ Read More ]

මම, මම සහ මම








මගේ නිසා මට දුක් දෙන,
මම හින්දා මගේම උන,
මගේ කියා මටම හැඟෙන,
හැඟුමක් මිස සැබෑවක්ද?
[ Read More ]

එන්න ආයෙත් සුළඟ සේ..

සේද වළා පිසගෙන එන,
සිසිල් සුලං රැල් පොඩිත්ත,
හිසකේ එහෙ මෙහෙ කෙරුවා,
හරියට නුඹ කලා වගෙම..

සියොළඟ දැවටී නල රැළ,
හිත කිති කවමින් හිමිහිට,
ගත හීගඩු නැංවූවා..
හරියට නුඹ කලා වගෙම.

එක මොහොතක නැඟි මදහස,
විහසින් පලවා අහසට,
මා දාලා යන්න ගියා,
හරියට නුඹ ගියා වගෙම..
[ Read More ]

තරු කැට.



අර වැටෙන තරු කැටය මොන තරම් අපූරුද?
සඳ නොමැති රාත්‍රිය එලිය කරවා පසුව,
කඩා වැටෙනා අයුරු.
පැතුම් මල් පොදි රැගෙන...
කොයි තරම අපුරුද?
[ Read More ]

Me And She

[ Read More ]

you are...

[ Read More ]

දැන් ඇතී,


අද පටන් අඳිමි මම,
හිසේ සිට දෙපතුලට,
වසාගෙන මුව කමල,
අතැඟිලිද පාඟිලිද,
හිසකෙස්ද වලලු කර,
සිනා නොම දෙමි ලොවට,
ඇති ඇතී,
දැන් ඇතී,
නුඹ කවක් නොකී රුව,
පල නැතී.
[ Read More ]

සඳ නුඹට...


වලාකුලු මෑත් කර,
විටින් විට එබෙන සඳ,
හීන තරු වස්සවා,
සැඟ වෙනා අරුම කිම,
වැටුන තරු එකින් එක,
අහුලලා බැලූ සඳ....
මගේ කඳුලු හීන වල,
ප්‍රතිබිම්බ දුටිමි මම....
[ Read More ]

I miss your hand......


i miss your hand,
that held me,
touched me,
pinched me,
caught me,
grabbed me,
played my hair,
hugged me,
wiped tears,
waved to me,
hit me softly,
let me sleep,
and ,
left my hand alone.
[ Read More ]

පාළුද?


මං නැතුව පාළුද?

හඳ නැති ආකාසේ වගේද හිත?

හිනා මූන මැවි මැවී පේනවද?

ඇස් අගින් කම්මුලේ,
සීතලක් දැනෙනවද?

හොයාගන එන්න හිතෙනවද?
පාළු රෑ සුළඟේ එතිලා....

මටත් එහෙමයි..
[ Read More ]

ඊයේ, අද, හෙට


අත්දෙක පටලා යන හැම දිනයක

සිත් පැටලුනි යලි වෙන් නොවෙනා ලෙස

මල් එකිනෙක ගෙන හිතේ සුපුශ්පිත,

කිරුලු පලඳවමි මගේ කුමරුන් ලෙස,


සිත් උයනේ මල් පිපිලා හිනැහේ,

සිත් අහසේ නුඹ හිරු මෙන් දිලිසේ,

සුරත මගේ නුඹ සුරතේ පැටලේ,

අළුත් ලොවක් අප අභිමුව සැරසේ,


කලබල සුළඟට හාදු පුදන්නට,

ලංවී සිත්සේ සුවඳ විඳින්නට,

එක්වී නැලවෙන ඔන්චිල්ලාවක,

තනිවෙමු දවසක අපේ කොදෙව්වක,


ආදරයේ හිම තුශර වැටෙනවා,

සීතල නෑ නුඹ උනුසුම දෙනවා,

ආකාසේ එළි රටා ඇඳෙනවා,

නුඹ මට සැනසිලි සුව ගෙන දෙනවා,

[ Read More ]

ask Her Not me!


A flower has blossomed,

in the,

Garden of pigeons,

and the ,

couple that sitting ,

looking at sea.

I recall now nothing,

And I,

wiped out singing,

on the beach,

I saw you,

like a Fay!!

Oh! that was realy Yesterday,

Or how could I just say,

I know its the way,

no!! no!! you dn't have to pay,

im singing just to be gay

and

its for,.

my Fay,,

[ Read More ]

මේ නුඹේ මගුල් දින..


ඇවිද යමි හදවතින්

මතක මාවත් දිගට,

හුරු පුරුදු මාවතම,

නුහුරු නුපුරුදු

කිමද?

අහෝ! අමතක නොමැත

අද නුඹේ විවාහය.

අමුත්තෙකු පමණි මා,

මලින් මල වැල් ගොතන.

අකීකරු කෙස් රොදට,

බැට දුනිමි වෙර රැගෙන,

ගලා යන්නට හරිමි,

කඳුලු වැල් වැල්,

දිගට,

නුඹ මගේ නලල මත,

සින්දූර් දුටුව දින,

මෙතරම්ම වේදනා,

දැනුන බව දනිමි මම,

නමුත් මම නොම හඬමි,

සිනා පා ලෝකයට.

හඳ නොමැති යාමයට,

තරු එලිය කුමකටද?

කෙසේවුව දැන් සබඳ,

නුඹ ඇගේ වනු පිණිස,

මම මගේ දෙවියන්ට,

පුද කරමි හද දෙවොල,

පාසලඹ සැලෙන හඬ,

පිච්ච මල් යහන ලඟ,

යන්න දැන් දොරකඩට,

මනාලිය පැමිණ ඇත.


[ Read More ]

A fight??


He raise his voice

and shouts at me..

he look at me,

like

he has never seen me,

he breaks his rules,

and he points at me...

I'l keep making,

his own tea,

I read his eyes,

and

blind..!! I'd be,

and now hes trying to,

get on his knee.

i know him well

and yet i see...

love inside,

and

thats my fee,


[ Read More ]

ගී....

ඔබට නිමිති වී ප්‍රේමාදරයට..
ඔබ වෙනුවෙන් මා..
මිය යන මොහොතේ,
ගී නොගැයුවාට කමක් නෑ..

දනෝ දෙනෝදාහක් හිතනා දේ,
කමක් නෑ..
නෙත් පිරී..
සිත් පුරා මා..
රැදේ නම්..

ගී නොගැයුවාට කමක් නෑ..

සිතින් මා නොපැතුවාට කමක් නෑ,
ආලය මා හා මිය යන මොහොතේ..
හමුවූ තැන් සිට..
සිහින පැතුම් ගැන..
ගී නොම ගයව් විහඟුනේ....!
[ Read More ]

මේ ඒ කවියමයි..

අමතකව තිබූ තත්සර..
අනුනාද කළා හද සර..
ඈතින් ඇසෙන්නේ..
ගයනවාද නුඹ..
මායාවක්..!

නුඹ නොමැති පේනමානෙක..
කිසි දිනක කඳුලක්,
නොම නගමි නෙතු අග..
මේ කඳු වලල්ලෙන් එපිට..
එක දවසක් ඇවිදින්ට
කතා උනා මතකද?
ඒ වග ලියූ කවි,
තාමත් ඇති මගේ හිත යට..
ගහගන නොගොස්,
නුඹේ කුණාටුවට,..
හිත බර නිසා ඒ තරමටම.
[ Read More ]

කලුවර..


අතීතය මුනගස්සන,
තිස්සෙම හිතින් ඉල්ලන,
ලස්සනම හීනයක් දැක,
ඇහැරුනා විතරයි මම..
ඇයිද මේ කලුවර..!
[ Read More ]