නුඹ, වසත් කල
ගං දියේ පිලිඹිබු,
රුව සෙවූවත්,
පෙනෙන මානේ..
නුඹට පෙම් කල තාරකාවිය,
අමතකව ගිය වරද කාගේ..
ආලවත් දෑසින් ගලා ගිය,
අඳෝනා පාවුනත් සුලඟේ..
නුඹට මතකද?
හඬක් සුමිහිරි වදන් ඇමිනූ වසත් සුලඟේ..
නෙතින් ගිලිහුනු කඳුලකින්..
ඉරි තලා ගිය ගං දිය තලාවේ..
ඉතිං! නුඹ කොයි සොයන්නද?
හිත පුරුදු රුව නුඹේ තාරකාවේ!!