පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

සඳ පහන් රැයක්...

20 - Nov
Yasasi Rajapakse


සඳ පහන් රැයක්...


තරු පිරුණු නිල් අහස...
මැඳ පිපුණු සඳවතිය..
රැයේ වෙන හැමදේම දන්නවා..

ලොවක් නිදිගත් අතර..
අහිංසක සුභ සිහින..
සඳේ සඳ රැස් වලින් තෙමනවා..

ජීවිතේ දුක දන්න..
රැයක් නැති මිනිසුන්ට..
සඳ ඇගේ එලිය දී දිලෙනවා..

නිදි කඩන බකුසු හඬ..
නිදි කිරන කුරුලු හඬ..
සඳ මුවේ සිනාවක් මවනවා..

පිපෙන්නට වෙරදරන..
රෑ කුමාරී මල`ඟ..
සඳ ඇගේ පැහැය දී රැඳෙනවා..

නිහඬ නිස්ච්චල රැයක..
තරු අතර රජ කරන..
සඳට මේ හැමදේම පේනවා...


4 Responses so far.

  1. neon says:

    මේ කවිය හරි ලස්සනයි !!!

  2. Chrishi says:

    මම මේක දැන්නේ දැක්කෙ ! හ‍රිම ලස්සනයි

  3. @neon - thank you..:) මේ දේශාන් මල්ලිද?

    @chrishi - එකනේ.. ඔහොමනම් බෑ හොඳද? :)

  4. neon says:

    ඔව් අක්කෙ :)

Leave a Reply