පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

නා මලුව තනියමද?

-
Yasasi Rajapakse



නා මලුව තනියමද?


නා මලුව තනියමද?
ඇයත් නික්මී නේද?
අනෝරා වැස්ස මැද......
නා මලුව තනියමද?
සිත් කොදෙව්වට උරුම,
ඇයත් නාමලුව උඩ,
කදුලු කැට වැපිරුවා...
මතක ඇතිවා නොවෙද?
සිහින එලි කරන්නට...
නාමලුව බැහැ නුඹට..
වස්සනයයි ඉතින් මන් කුමක් කරන්නද?
වැහිබරව අහස් කුස..
අදුරු වී හාත් පස..
හීන පොදි පොකුරු ගොඩ...
විසිරුනා සීසි කඩ,
රවුම් උන ඇස් වලට..
පිලිතුරක් නොමැති සද..
නැගිට්ටෙ යන්න මම..
සමුදෙන්න හීනයට.
කමක් නෑ සමුදෙන්න,
පාලු නාමලුව මට...
අනෝරා වැසි වැටේ..
නා මලුව තනියමද??

3 Responses so far.

  1. Chrishi says:

    සමු දෙන්නේ නෑ නුඹට
    මුළු ජීවිතය පුරාවටම
    සත්තයි මගෙ වචන
    රකිනෙමි සදහටම

  2. හීනයට සමුදෙන්න
    සැබෑවට ඉඩ දෙන්න

  3. හ්ම්ම්!
    හිරු රැසින් නහවලා..
    තව දිනක් එලි වෙලා..
    සිනාවක් මුව දරා..
    නූඹ නිදයි පසෙක මා..
    කව්ලුවෙන් එපිට..
    ලා හිරු කුමරු...
    වඩිනවා...
    සිනාවක්...!
    සිහිනයක්...?
    නා මලුව ඇත බලා...

Leave a Reply