හීන් සිසිරි පොද වැස්සට..
තෙමෙන්නෙ නෑ කිරිඅම්මව..
වට්ටි පෙට්ටි පොල්කටු හැඳි..
ඉහ උඩ ඉන වට වට කොට..
හුඟ කලෙකින් ආවෙත් නෑ..
මැණිකේ බලා යන්ට ආවෙ..
දොරකඩ මතු වේ සිනහව..
දත් නැති ලොඹු කට දෙකොනින්..
නෑ මැනිකෙ ගල් ඇහැ දැන්..
මේවා ඉතින් හැවන් තමා..
ගේ දොරකඩ වට්ටිය ලඟ..
හිනැහෙන්නී ඇණතියාන...
කුල්ල හොඳයි බෙලිත් ගාලා..
ආ මේ කිරි ගොට්ට ගන්න..
මැනිකේ ඉතින් දැන්ද ආවෙ?..
නිවනක් නෑ ඇගෙ ලොඹු කට..
අකුරු නොදත් කිරි අම්මට..
කොයි දැනුමක් ගනං මිනුං..
සිහිය නැහැනෙ දැන් හරියට...
කීයද මැනිකේ ඕවට...!
ඉතිරි සල්ලි වැඩිපුර දී..
ඕ හිනැහෙන්නී තනිවම..
වැඩියිනෙ කිරිඅම්මේ මෙතන..
උඩ යයි ඇගෙ දෙනෙත දෙබැම..
ඕං බලමු එකෙත් හැටි...
දැන් වයසයි අපි හරියට..
එඤංමැනිකේ එහෙනං..
ඇය ආයෙත් සිරි පොද යට..!
[ Read More ]