පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

වැහි, කඳුලු , මුතු...

-
Yasasi Rajapakse


දිනක් මල් වැස්සකින්..


වැටුනු වැහි බිඳිත්තක්...

රූටගෙන ගිහිල්ලා..


ඇස් කොනේ ගුලි උනා..


ඇස් වලින් ගලා ගිය..


මුතු කඳුලු බිඳිත්තක්..

වැහි බිඳිත්තත් එක්ක..

හීතලට ගුලි උනා..

8 Responses so far.

  1. Raven says:

    ලස්සනයි පද පෙළ. මම පදපෙලෙහි අර්ථය ගත්තේ නම් මේ ආකාරයටයි.

    කඳුලු බිඳක්
    හසරැල්ලක්
    එකට මුහුව
    හැදෙන සොඳුරු
    නවාතැනක්

  2. හරිම ලස්සන පද පෙළක්

  3. හ්ම්ම්ම්.....

  4. @raven -- ඔව්.. සතුටින් පිරුනු හදවතකට ආදරේ දැනුණු මොහොතක් ගැන තමයි කීවේ.. අර නවතැන කියන වචනේ ඒකට අලුත් කෝණයක් දීලා.. ස්තූතී මං ආසයි ඒ කමෙන්ට් එකට..

    @ දිල් -- ස්තූතී...

    @ ``` Outsider```-- ඇයි අනේ.. මං අතින් මුකුත් වරදක් කිය උනාද?

  5. ලස්සනයි!!!
    ඇස් කොනේ ගුලිවෙච්ච
    කදුලු මල් වරුසාව
    කවියක්ව දිහ හැරුන
    අරුමය....

  6. ආසයි මම වැස්සට
    වැස්සේ තෙමෙන්නට
    නොපෙනෙන නිසා කාටවත්
    මම හඬන බව දුකින් . . .

    වැහි බිඳු කඳුලු බිඳු
    එකට මුහුවුනු මුවින්
    බෑ කිසිවෙක්ට කියන්න
    හඬන බව මා සොවින් . .

  7. හරිම අහිංසකයි මේ කමෙන්ට් එක අයියේ...

Leave a Reply