පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

මේ ඒ කවියමයි..

-
Yasasi Rajapakse

අමතකව තිබූ තත්සර..
අනුනාද කළා හද සර..
ඈතින් ඇසෙන්නේ..
ගයනවාද නුඹ..
මායාවක්..!

නුඹ නොමැති පේනමානෙක..
කිසි දිනක කඳුලක්,
නොම නගමි නෙතු අග..
මේ කඳු වලල්ලෙන් එපිට..
එක දවසක් ඇවිදින්ට
කතා උනා මතකද?
ඒ වග ලියූ කවි,
තාමත් ඇති මගේ හිත යට..
ගහගන නොගොස්,
නුඹේ කුණාටුවට,..
හිත බර නිසා ඒ තරමටම.

Leave a Reply