එක දවසක් මගේ ලඟින්...සුළි කුණාටුවක් හැමුවා...හසුවීලා කුනාටුවට,මගේ හිතත් ගහං ගියා..අහස උඩින් ගිහිං ඒක..කොහෙදෝ මංදා වැටුනා..අහුල ගත්ත කෙනෙක් ම සිත..තව ඈතට විසි කෙරුවා
හීන් සිසිරි පොද වැස්සට..තෙමෙන්නෙ නෑ කිරිඅම්මව..වට්ටි පෙට්ටි පොල්කටු හැඳි..ඉහ උඩ ඉන වට වට කොට..හුඟ කලෙකින් ආවෙත් නෑ..මැණිකේ බලා යන්ට ආවෙ..දොරකඩ මතු වේ සිනහව..දත් නැති ලොඹු කට දෙකොනින්..නෑ මැනිකෙ ගල් ඇහැ දැන්..මේවා ඉතින් හැවන් තමා..ගේ දොරකඩ වට්ටිය ලඟ..හිනැහෙන්නී ඇණතියාන...කුල්ල හොඳයි බෙලිත් ගාලා..ආ මේ කිරි ගොට්ට ගන්න..මැනිකේ ඉතින් දැන්ද ආවෙ?..නිවනක් නෑ ඇගෙ ලොඹු කට..අකුරු නොදත් කිරි අම්මට..කොයි දැනුමක්

සඳ පහන් රැයක්...තරු පිරුණු නිල් අහස...මැඳ පිපුණු සඳවතිය..රැයේ වෙන හැමදේම දන්නවා..ලොවක් නිදිගත් අතර..අහිංසක සුභ සිහින..සඳේ සඳ රැස් වලින් තෙමනවා..ජීවිතේ දුක දන්න..රැයක් නැති මිනිසුන්ට..සඳ ඇගේ එලිය දී දිලෙනවා..නිදි කඩන බකුසු හඬ..නිදි කිරන කුරුලු හඬ..සඳ මුවේ සිනාවක් මවනවා..පිපෙන්නට වෙරදරන..රෑ කුමාරී මල`ඟ..සඳ ඇගේ පැහැය දී රැඳෙනවා..නිහඬ නිස්ච්චල රැයක..තරු අතර රජ කරන..සඳට මේ හැමදේම පේනවා

ඊයේ පෙරේදා මතකයක්!ආදරෙයි දුකයිඑක වගේ කෙනෙක් කීවා...දුකයි කදුලයි එකමයි,හැමෝම කීවා...කදුලක් එන්නෙ,ආදරේටමයි..මගේ හිත කිවා..ඉතින් ආදරෙයි දුකයි එක වගේ

තබා යමි සෙවනැල්ල,සුසුදු පෙති මත මලක...තවත් මා නොදැනෙන..මුසු කරමි ගී හඩ,වියලි දූවිලි සුලගට...තවත් නුඹ නොම අමතන....තබා නික්මෙමි සුසුම,හදවතක වරෙක ආදරනීය..තවත් මා ගැන මතක අමතක...

මගේ ලෝකය.....තාරකා නෙත් මායිම..ලොකයේ කෙලවර....පෙරුම් පුරන්නට..සිතින් පතන්නට..තවත් නොවෙ මට ලොවක් ඉතින්

නා මලුව තනියමද?නා මලුව තනියමද?ඇයත් නික්මී නේද?අනෝරා වැස්ස මැද......නා මලුව තනියමද?සිත් කොදෙව්වට උරුම,ඇයත් නාමලුව උඩ,කදුලු කැට වැපිරුවා...මතක ඇතිවා නොවෙද?සිහින එලි කරන්නට...නාමලුව බැහැ නුඹට..වස්සනයයි ඉතින් මන් කුමක් කරන්නද?වැහිබරව අහස් කුස..අදුරු වී හාත් පස..හීන පොදි පොකුරු ගොඩ...විසිරුනා සීසි කඩ,රවුම් උන ඇස් වලට..පිලිතුරක් නොමැති සද..නැගිට්ටෙ යන්න මම..සමුදෙන්න හීනයට.කමක් නෑ සමුදෙන්න,පාලු නාමලුව මට...අනෝරා