
දෙනුවනින් ගයනු නුඹ..සසළ වූ හද ගැබට..සුලගකින් මතු වෙලා..වැඩුන ගින්නක් ලෙස
දෙනුවනින් ගයනු නුඹ..සසළ වූ හද ගැබට..සුලගකින් මතු වෙලා..වැඩුන ගින්නක් ලෙස
ලියන්නට පාසැල් සමය ගැන...අකුරු අහුලමි මම කලක සිට..කල් බොහෝ වී ගත උනද,මට..හමුනොවුනි තව හොදම වචනයමිතුරු සිනහා,හද පැලැන්දු...ගුරු තෙපුල් හිස..කිරුළු රැන්දූ..නොවේ අමතක..ගැයූ සින්දූ..තුටින් දෙනෙතට,ප්රභා කැන්දූ..නොලැබුනත් යලි,ඒ මල් සමේ..නැතේ අඩුවක්,හද ආදරේ..සරන්නෙමි ලද,හැම අවසරේ..සොදුරු මුලු වල,ඒ කාලය
එක දවසක් රැයක.. තරු කැටයකින් බිමට... වැටුන කඳුලු බින්දුවෙන්... තෙමුණා මුලු හිතම... ලස්සන හිනයෙන් අහැරුණාදෝ.. හිතෙන තරමට.
මං ආසයි..තරු ගනින්න...තරු කැටයක්..වෙනු මැන නුඹ..ආසයි මම,මල් සුවදට..පවන් රොදක,එනු මැන නුඹ..අසයි තව සිනා වෙන්න..නෙතින් සිනා වෙනු මැන නුඹ..අසයි නුඹගේම වෙන්න..සිතිවිල්ලක් වී වඩින්න
නෙතින් ගලා ගිය..කඳුළු බින්දු වල..ආදරේ තිබුණි නම්..සේදි සේදි එන කඳුළු වලින්,ආදරේ අඩු උනා නම්..ඉතිරි ආදරේ සේදෙන කඳුළේ,තරම සයුරු ඉම නම්..ඉවරයක් නැතිව,නෙත් අඬවලා..කඳුළු නුඹට දෙන්
නෑරිය යුතු ඉමක කවුලක් මම ඇරියාකොහෙදෝ ඉඳන් පිපි මල් සුවදක් ආවායටි හිත් කොනින් ඒ සුවදට ඉව කෙරුවාටිකකින් අහස කලු වී යනු මට පෙනුනාඅකුණක් එක්ක මහ වැස්සක් ඇද හැලුනාහෙවනක් නැතිව මම ඒ වැස්සට තෙමුනාඑක අකුනක් උඩට තව අකුනක් ගැහුවාදෙනිතින් අනොරා වැහි ගඟුලක් ගැලුවාතනිඋන ලොවේ වෙනකිසිවෙක් දකිනු නැතීඅත්ලට මගේ හිස සඟවා ගන්න බැරිතනිකම සීතලද සමගින් එකට වැදීමගෙ හිත පුරා අවුලයි මහ
ගනිමි මම මගේ මතක..සුසුම් කඳුලුද සමඟ...කවරදාවත් යලිත්,නොදැනෙනා...සඟවමී ඒ ගීය..නොගැලපෙන එලිසමය..කවරදාවත් යලිත්,නොගැයෙනා..වසාගනු මැන දෑස..නොපෙන්නෙන්න මේ දෑස..කවරදාවත් යලිත්,නාරිනා..යන්න නුඹ ඇත්තටම..නොපෙනෙනා ඉවුරකට..නෙත් වලටවත් යලිත්,නොපෙනෙනා
කෝවිල උඩින්..මූදේ කොනින්...හිරු පායලා,දුටුවෙමි උදෙන්...පරවූ මලින්...සැරසූ හිසින්..සිටියෙමි බලා,හර සුන් සිතින්....තෙල් නැති පහන්..අවුලමි හදින්..හිත කලුවරේ,ලා ඇවිලෙමින්..රතු තිලකයෙන්,පල නෑ ඉතින්...කෝවිල දමා,සමිදුන් ගිහින