නෑරිය යුතු ඉමක කවුලක් මම ඇරියා
කොහෙදෝ ඉඳන් පිපි මල් සුවදක් ආවා
යටි හිත් කොනින් ඒ සුවදට ඉව කෙරුවා
ටිකකින් අහස කලු වී යනු මට පෙනුනා
අකුණක් එක්ක මහ වැස්සක් ඇද හැලුනා
හෙවනක් නැතිව මම ඒ වැස්සට තෙමුනා
එක අකුනක් උඩට තව අකුනක් ගැහුවා
දෙනිතින් අනොරා වැහි ගඟුලක් ගැලුවා
තනිඋන ලොවේ වෙනකිසිවෙක් දකිනු නැතී
අත්ලට මගේ හිස සඟවා ගන්න බැරි
තනිකම සීතලද සමගින් එකට වැදී
මගෙ හිත පුරා අවුලයි මහ නිරයෙ ගිනී
බැලු බැලු අතේ නෑ පිළිසරණක් දුටුවේ
තනිඋන ලොවේ කලුවර පමනයි තිබුනේ
අකුනුයි වැහියි මගේ දිවියම තෙත් කෙරුවේ
යලි නාරින්නමයි මම ඇස් දෙපියන වැහුවේ
"බැලු බැලු අතේ නෑ පිළිසරණක් දුටුවේ" ඔක කටත් ඒකයි ....
කවුරු උනත් පුදුම ලස්සන කවි ටිකක් . මෙවගෙ ලියන්න ලස්සන සිදුවිම් ජිවිතෙට තියන්න ඔනා. අපි හැම එක වගෙ.. එක පාරක යන්නෙ.. එකම දෙවල් අරමුනු කරන්නෙ... කොහොම උනාත් කවිටික ලස්සනයි.
හරිම ලස්සනට ලියලා තියෙනවා :-)
නියමයි..wod verification අයින් කලොත් ලේසියි..
@වැප් - වෙලාවකට එහෙම හිතෙනව තමයි,
ඒ වෙලාවට හිතේ තියන අසරණ කමට ලඟ ඉන්න අයත් පෙන්නෙ නෑ.. එත් අපි වෙනුවෙන් මුලු ලෝකෙම අත ඇරපු කෙනෙක් ඔය ලඟම ඉන්න පුලුවන්.. අපි නොදැනම..
@රවා -මේ සිදුවීම නම් එච්චර ලස්සන නෑ, පුදුම දුකක් දැනුණේ..
@LG-thank you...!
@ ධනංජය - ඔන්න හරි... බොහොම ස්තූතී.
කවිය නම් නියමයි.ලොකු දෙයක් නොකියා කියලා වගේ.ලස්සනයි
/රවා කිව්ව නම් ආයේ එකේ හිතන්න දෙයක් නැ යසයි.කවිය නියමයි.
තුති පබළු