ඇවිද යමි හදවතින්
මතක මාවත් දිගට,
හුරු පුරුදු මාවතම,
නුහුරු නුපුරුදු
කිමද?
අහෝ! අමතක නොමැත
අද නුඹේ විවාහය.
අමුත්තෙකු පමණි මා,
මලින් මල වැල් ගොතන.
අකීකරු කෙස් රොදට,
බැට දුනිමි වෙර රැගෙන,
ගලා යන්නට හරිමි,
කඳුලු වැල් වැල්,
දිගට,
නුඹ මගේ නලල මත,
සින්දූර් දුටුව දින,
මෙතරම්ම වේදනා,
දැනුන බව දනිමි මම,
නමුත් මම නොම හඬමි,
සිනා පා ලෝකයට.
හඳ නොමැති යාමයට,
තරු එලිය කුමකටද?
කෙසේවුව දැන් සබඳ,
නුඹ ඇගේ වනු පිණිස,
මම මගේ දෙවියන්ට,
පුද කරමි හද දෙවොල,
පාසලඹ සැලෙන හඬ,
පිච්ච මල් යහන ලඟ,
යන්න දැන් දොරකඩට,
මනාලිය පැමිණ ඇත.
ඔයා දුන්න දුකම ඔයාටත් දැනිල වගේ :/ ලස්සනයි