පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

ඊයේ, අද, හෙට

19 - Jun
Yasasi Rajapakse


අත්දෙක පටලා යන හැම දිනයක

සිත් පැටලුනි යලි වෙන් නොවෙනා ලෙස

මල් එකිනෙක ගෙන හිතේ සුපුශ්පිත,

කිරුලු පලඳවමි මගේ කුමරුන් ලෙස,


සිත් උයනේ මල් පිපිලා හිනැහේ,

සිත් අහසේ නුඹ හිරු මෙන් දිලිසේ,

සුරත මගේ නුඹ සුරතේ පැටලේ,

අළුත් ලොවක් අප අභිමුව සැරසේ,


කලබල සුළඟට හාදු පුදන්නට,

ලංවී සිත්සේ සුවඳ විඳින්නට,

එක්වී නැලවෙන ඔන්චිල්ලාවක,

තනිවෙමු දවසක අපේ කොදෙව්වක,


ආදරයේ හිම තුශර වැටෙනවා,

සීතල නෑ නුඹ උනුසුම දෙනවා,

ආකාසේ එළි රටා ඇඳෙනවා,

නුඹ මට සැනසිලි සුව ගෙන දෙනවා,

Leave a Reply