පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

නික්මීම...

-
Yasasi Rajapakse


තබා යමි සෙවනැල්ල,
සුසුදු පෙති මත මලක...
තවත් මා නොදැනෙන..

මුසු කරමි ගී හඩ,
වියලි දූවිලි සුලගට...
තවත් නුඹ නොම අමතන....

තබා නික්මෙමි සුසුම,
හදවතක වරෙක ආදරනීය..
තවත් මා ගැන මතක අමතක......

2 Responses so far.

  1. වරෙක ආදරනීය
    හදවතට
    අමතක සඳ
    සියලු දෑ . .
    මලක පෙති මෙන් සුසිනිඳු
    පහස ත් . .
    සවන් පත් පිනවූ හඬත්
    කුමට යලි යලිත්
    තැවෙනවාද සිතමින්
    මිය ගිය අතීතය ගැනම . .

  2. මේ මොහොත දක්වා...
    මා දෙනෙත් නොපියූ..
    ඒ අතීතය මගේ..
    මගේමයි...
    නොසිතා නොසිට...
    නොහැකි වූ....!
    කොතරම් වෙනස් වූවත්..
    ඔබේ ආලය..
    මගේ ආලය..

Leave a Reply