පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

හද කෝවිල ..

-
Yasasi Rajapakse

කෝවිල උඩින්..
මූදේ කොනින්...
හිරු පායලා,
දුටුවෙමි උදෙන්...

පරවූ මලින්...
සැරසූ හිසින්..
සිටියෙමි බලා,
හර සුන් සිතින්....

තෙල් නැති පහන්..
අවුලමි හදින්..
හිත කලුවරේ,
ලා ඇවිලෙමින්..

රතු තිලකයෙන්,
පල නෑ ඉතින්...
කෝවිල දමා,
සමිදුන් ගිහින්..



3 Responses so far.

  1. රවා says:

    ලස්සනයි යසසි.. ලස්සනයි... ඔයාගෙ වැඩෙ...
    දිගටම ලියන්න.... සුබපැතුම්

  2. malee_msg says:

    මේක හරීම ලස්සනයි!!!!

  3. thank you both rawaa and malee_msg, ඔයාලත් දිගටම කියවන්න comment කරන්න. එතකොට තමයි මට සතුටු...:)

Leave a Reply