පන්හිද පාමුල පිපි අරවින්දිය

Banner 468

Facebook

මල් සමය...

-
Yasasi Rajapakse



ලියන්නට පාසැල් සමය ගැන...
අකුරු අහුලමි මම කලක සිට..
කල් බොහෝ වී ගත උනද,
මට..
හමුනොවුනි තව හොදම වචනය


මිතුරු සිනහා,
හද පැලැන්දු...
ගුරු තෙපුල් හිස..
කිරුළු රැන්දූ..
නොවේ අමතක..
ගැයූ සින්දූ..
තුටින් දෙනෙතට,
ප්රභා කැන්දූ..

නොලැබුනත් යලි,
ඒ මල් සමේ..
නැතේ අඩුවක්,
හද ආදරේ..
සරන්නෙමි ලද,
හැම අවසරේ..
සොදුරු මුලු වල,
ඒ කාලයේ..

3 Responses so far.

  1. ආයේ ආයේ ආයේ ආයේ එන්නේ නෑ
    ආයේ ආයේ ආයේ ආයේ යන්න බෑ

    /බිඟුවා...!

Leave a Reply