
ඉස්සිස්සල්ලා වැටෙන හිරු කිරණ,සියක් ආයු බල ගෙන ඒවා..!ඉස්සිස්සල්ලා ඇහෙන කුරුලු ගී,සිතට සතුටු සැප ගෙන දේවා..!ඉස්සිසල්ලා පිදෙන උදෑසන,සාමයේ මල් දම් පීදේවා..!සත් පියුමක් සේ මගේ පැතුම් මල්,දිවියට සුවඳක් ගෙන ඒවා!!සුබ නව වසරක් වෙවා
ඉස්සිස්සල්ලා වැටෙන හිරු කිරණ,සියක් ආයු බල ගෙන ඒවා..!ඉස්සිස්සල්ලා ඇහෙන කුරුලු ගී,සිතට සතුටු සැප ගෙන දේවා..!ඉස්සිසල්ලා පිදෙන උදෑසන,සාමයේ මල් දම් පීදේවා..!සත් පියුමක් සේ මගේ පැතුම් මල්,දිවියට සුවඳක් ගෙන ඒවා!!සුබ නව වසරක් වෙවා
ලස්සන හැන්දෑව..මාත් එක්කම..සුන්දර ආදරේ ඇතුලේ අතරමන් වෙලා..මේ තරම් ලස්සනක්..!...ලස්සන ගීතයක් පසුබිම සිතුවම් අඳිනවා..නුඹ දෑසම පියාගන...ලස්සන නෙත් යුග...මම නුඹේ හුස්ම තාලේට හුස්ම ඇල්ලුවා..හදවත් පිරුණ ඒ හැඟිම කොහොම කියන්නද?නුඹ තාමත් දෑසම පියාන..මම නුඹ දිහා බලාගන..මගේ හුස්ම නැවතිලා දන්නේම නැතුව..නුඹේ සුවඳ හදවතේ පුරවගෙන
සඳ කුමරෝ ඇවිත් බිමට..සිහින් වලා රොදක් එක්ක..වලාකුලින් යහන සදන්,මගේ කුමරුට සැතපෙන්නට,,හීනෙන් ඔහු හිනැහෙන විට..හිනා මූන ගෙන දෝතට..අහස් වලා පෙලේ අඳින්,මුලු ලෝකෙට දැක ගන
මතකද අර හැන්දෑවක්..නුඹත් වගේ එයින් එකක්..හරි ලස්සන කෙටි දවසක්..දිගු රැයකට පෙරවදනක
අරුත් සුන් වූ වදන් තෙපලන..වියත් පඬිවරු ඇතත් මේ ලොව..කොතෙක් දුර උන් කියන අහසේ,තටුත් දිග හැර පියාඹන්නද?ඇසුත් වසලා..මොලත් පොඩිකර..සියක් රැඟුමන් රඟා කරලිය..විසික් කරලා යාවි දෙව්ලොව..කටුත් ලෙව කෑ සුනඛ, නරි රැ
ශක්තිමත් යුග දෑත,බර දරයි..රළු පරළු ගල් අතර,සුපුෂ්පිත සුදු නෙලුම,නුඹ කියා,මා උවන සතපවයි,දෑත් කරගැට අතර,සතපවයි..දූවිලි වලා අතර,පෙනේ නොපෙනේ නුඹව,ශක්තිමත් දෑත් මා,කිති කව
ශෝකය බරයි..සොම්නස, තටු සොයයි..ශොකය දවයි..සතුට නිවාලයි සනහයි..වයලීනය..බර තත් හඬයි..ශෝකයට ගයයි..සිහින් සැහැල්ලු තත්,සෝ දුක් නසයි..සතුට සොම්නස පතුරය
නුඹ, වසත් කලගං දියේ පිලිඹිබු,රුව සෙවූවත්,පෙනෙන මානේ..නුඹට පෙම් කල තාරකාවිය,අමතකව ගිය වරද කාගේ..ආලවත් දෑසින් ගලා ගිය,අඳෝනා පාවුනත් සුලඟේ..නුඹට මතකද?හඬක් සුමිහිරි වදන් ඇමිනූ වසත් සුලඟේ..නෙතින් ගිලිහුනු කඳුලකින්..ඉරි තලා ගිය ගං දිය තලාවේ..ඉතිං! නුඹ කොයි සොයන්නද?හිත පුරුදු රුව නුඹේ තාරකාව
කවි හිතකපොඩි කොනකසැඟවුණා ඔබේ කවනොසැලකිල්ලෙන් නොවේඅමතකව මුල් ද
කතාව කියවන්න.. මෙතන ක්ලික් කරන්න
අලුත් වැඩක් පටන් ගත්තා.. මෙච්චර කල් මගේ කවි කියවපු ඔයගොල්ලන්ට දැන් කතන්දරත් කියවන්න පුලුවන්..කතන්දර කොයි තරම් සාර්තකද කියල දැනගන්න ආසවෙන් බලා ඉන්නව
දිනක් මල් වැස්සකින්..වැටුනු වැහි බිඳිත්තක්...රූටගෙන ගිහිල්ලා..ඇස් කොනේ ගුලි උනා..ඇස් වලින් ගලා ගිය..මුතු කඳුලු බිඳිත්තක්..වැහි බිඳිත්තත් එක්ක..හීතලට ගුලි උන
I was searching for a hero..But i got a prince..I liked to be with a peacock.. but you are more like a swan..I was looking for a crazy love..But you added a dept to it...I just wanted to be loved ..But you made me loveble...(පරිවර්තනය ලඟදීම
ඇත්තටම නුඹට මම ආදරේ කල තරම්..ඇස් දෙකින් වැටෙන මෙ කඳුලු වැල් දනී නම්..නවතාවි වෙටෙන එක..අරඹාවි ඇමිනෙන්න..එකම මුතු වැලක් ලෙස..මිල කරනු නොහැකි බව..දැන දැනත් මුතු වලට..එ පරම ආදරය....
කවියක් හිතට එලියක්..අඳුරට අලුත් අරුතක්...පිපෙනා තඹරු කුසුමක්..හුස්මක් වැටෙන මොහොතක්...ජිවය රැදෙන සෙවනක්..මල මත තුශර බිඳුවක්..තුන් කලට දිව ඔසුවක්...නුඹත් මට කවියක්
හැන්දෑවක් වගේ නුඹ සිත..සඳක් අරන් ආ හිත් රැයට...නෙක තරු එලි පරදන ලෙසට..මල් පිපුන කළු රැයට..බැස ඇවිත් අහසින් බිමට...සුළං රැල්ලක් ගෙනාවා මල් ගොමුවට..අරවින්ද සුවඳයි මුළු රැයම...මේ මුවින් කිව නොහි අකුරු සිත්තම..අරන් ආ ආදරේ...අරවින්දියක්නුඹට..
නුඹ...සිනාවක නැඟ ඔහේ ආ දෙන්..ඇවිත් වරුවක් සිනාසුන දෙන්...සිනාසී මට දුකක් උන දෙන්..දුකක් වී මට කඳුළු දුන් දෙන්...ඉතින් වරුවම ගත උනා දෙන්..තවත් නම් නුඹ සිනා නොමසෙන
හිත හඬා වැටෙන වේලේ...නෙත තෙතයි කඳුළු සීතේ..නුඹ නොමැතිව මේ යාමේ..මම පහන් කරම් කෙලෙසේ...රෑ රැහැයි හඬට එක්වී..මම හීන් හඬින් හඬමී..නුඹ හීන වලින් දකිමී..ඇස් ඇරන් හීන පුරම
උන්,හිස් ලූ ලූ අත දුවත්,සමඟින් ලුහුබඳින මරසෙන්,තොල කට වියලෙතත්,කෙලෙස බොමු උන් රුහිරු,ජයපැන්........නැඟෙන දුක් අඳෝනා,පරදවා, පරයා,නඟත් ජයඝෝෂා,සහෝදර හිස්,පයෙන් පාගා,අළුත් අරුණලු නැගෙත,හෙටට සැරසෙයි දියත,වේදනා දුක් මිසක,උන්ට වෙන කිසි මතක,කොහ
නුඹ පවනක්ද,මල් සුවදක්ද?රෑ අහසේ තරු,එලියක්ද?පිනි බින්දුවක්ද?පිරුවටයක්ද?මට මා පෙනෙන,දිය බඳුනක්ද?මුදු සිසිලක්ද?දුර ගමනක්ද?නෙතු කඳුලු පිරි,මුදු හැගුමක්ද?,නුඹ කවුරුන
බලව් ධරනිය ලෙයින් පොඟවා,ඉරන,නිල තල ධාරියෝ..හෙලූ හිස් ඇති,කඳන්වන්,නැති,බිඳක් වත් මොළ සාරයෝ...අහෝ! අන්ධව ඇදෙන පසුපස,නොමැති,වෙන කිසි කාරියෝ..බලව් කබරයි නරින් මෙන්,ඉව බලන,මිනිසත් මාරයෝ.
දෙනුවනින් ගයනු නුඹ..සසළ වූ හද ගැබට..සුලගකින් මතු වෙලා..වැඩුන ගින්නක් ලෙස
ලියන්නට පාසැල් සමය ගැන...අකුරු අහුලමි මම කලක සිට..කල් බොහෝ වී ගත උනද,මට..හමුනොවුනි තව හොදම වචනයමිතුරු සිනහා,හද පැලැන්දු...ගුරු තෙපුල් හිස..කිරුළු රැන්දූ..නොවේ අමතක..ගැයූ සින්දූ..තුටින් දෙනෙතට,ප්රභා කැන්දූ..නොලැබුනත් යලි,ඒ මල් සමේ..නැතේ අඩුවක්,හද ආදරේ..සරන්නෙමි ලද,හැම අවසරේ..සොදුරු මුලු වල,ඒ කාලය
එක දවසක් රැයක.. තරු කැටයකින් බිමට... වැටුන කඳුලු බින්දුවෙන්... තෙමුණා මුලු හිතම... ලස්සන හිනයෙන් අහැරුණාදෝ.. හිතෙන තරමට.
මං ආසයි..තරු ගනින්න...තරු කැටයක්..වෙනු මැන නුඹ..ආසයි මම,මල් සුවදට..පවන් රොදක,එනු මැන නුඹ..අසයි තව සිනා වෙන්න..නෙතින් සිනා වෙනු මැන නුඹ..අසයි නුඹගේම වෙන්න..සිතිවිල්ලක් වී වඩින්න
නෙතින් ගලා ගිය..කඳුළු බින්දු වල..ආදරේ තිබුණි නම්..සේදි සේදි එන කඳුළු වලින්,ආදරේ අඩු උනා නම්..ඉතිරි ආදරේ සේදෙන කඳුළේ,තරම සයුරු ඉම නම්..ඉවරයක් නැතිව,නෙත් අඬවලා..කඳුළු නුඹට දෙන්
නෑරිය යුතු ඉමක කවුලක් මම ඇරියාකොහෙදෝ ඉඳන් පිපි මල් සුවදක් ආවායටි හිත් කොනින් ඒ සුවදට ඉව කෙරුවාටිකකින් අහස කලු වී යනු මට පෙනුනාඅකුණක් එක්ක මහ වැස්සක් ඇද හැලුනාහෙවනක් නැතිව මම ඒ වැස්සට තෙමුනාඑක අකුනක් උඩට තව අකුනක් ගැහුවාදෙනිතින් අනොරා වැහි ගඟුලක් ගැලුවාතනිඋන ලොවේ වෙනකිසිවෙක් දකිනු නැතීඅත්ලට මගේ හිස සඟවා ගන්න බැරිතනිකම සීතලද සමගින් එකට වැදීමගෙ හිත පුරා අවුලයි මහ
ගනිමි මම මගේ මතක..සුසුම් කඳුලුද සමඟ...කවරදාවත් යලිත්,නොදැනෙනා...සඟවමී ඒ ගීය..නොගැලපෙන එලිසමය..කවරදාවත් යලිත්,නොගැයෙනා..වසාගනු මැන දෑස..නොපෙන්නෙන්න මේ දෑස..කවරදාවත් යලිත්,නාරිනා..යන්න නුඹ ඇත්තටම..නොපෙනෙනා ඉවුරකට..නෙත් වලටවත් යලිත්,නොපෙනෙනා
කෝවිල උඩින්..මූදේ කොනින්...හිරු පායලා,දුටුවෙමි උදෙන්...පරවූ මලින්...සැරසූ හිසින්..සිටියෙමි බලා,හර සුන් සිතින්....තෙල් නැති පහන්..අවුලමි හදින්..හිත කලුවරේ,ලා ඇවිලෙමින්..රතු තිලකයෙන්,පල නෑ ඉතින්...කෝවිල දමා,සමිදුන් ගිහින